NEWS

මාලිංගගේ අවසන් එක්දින තරගයෙන් ශ‍්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණූ 91ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන්  ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 314 ක් ලබා ගත්තා.

සිය පස්වන එක් දින ශතකය වාර්තා කළ කුසල් ජනිත් ලකුණු 111යි.

cricinfo

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 41.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 223ක් පමණයි.

මුෂ්ෆිකර් රහීම් ලකුණූ 67ක් සහ සබීර් රෙහ්මාන් ලකුණු 60ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සිය අවසන් එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කඩුලු 3ක් බිද හෙලූ අතර, නුවන් ප්‍රදීප් ද බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 3ක්.

තරගයේ වීරයා සම්මානයෙන් කුසල් ජනිත් පිදුම් ලැබුවා.

තරගයෙන් අනතුරුව සිය පුහුණුකරු වූ චම්පක රාමනායක මහතාට(වත්මන් බංග්ලාදේශ පන්දු යැවීමේ උපදේශක) විශේෂ සමරු තිළිණයක් ලබා දීමට ද ලසිත් මාලිංග අමතක කළේ නැහැ.

අනතුරුව ඔහු පිටිය වටා ඇවිද ගියේ සියලු ප්‍රේක්ෂකයින්ට ආචාරය පල කරමින්.

තරගය නැරඹීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපකෂ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරු, ක්‍රිකට් බළධාරීන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් එක්ව සිටියා.

තරගයේ ලකුණු සටහන මෙතනින්


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top