NEW ZEALAND TOUR OF SRI LANKA

අකිලගෙන් කඩුලු 5ක් – ටේලර්ගෙන් නවසීලන්තයට බලාපොරොත්තුවක් – Day 1 Report

AP

Fixtures

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(14) වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට පෙර නිමා වුණා.

ඒ වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා සිටියා.

රෝස් ටේලර් නොදැවී ලකුණු 86යි.

ඔහුව දුවද්දී දවා ගැනීම සදහා ශ්‍රී ලංකා පන්දු රකින්නන්ට අවස්ථා දෙකක් හිමි වූ නමුත් එම අවස්ථාවලින් නිසි ප්‍රයෝජන ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැහැ.

හෙන්රි නිකල්ස් ලකුණු 42ක් රැස් කළා.

ඔහු සහ රෝස් ටේලර් අතර සිව්වන කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 100ක්.

AP

ඉනිමේ පළමු කඩුල්ල සදහා ලකුණු 64ක සබදතාවයක් ගොඩ නැගීමට ජීට් රවල්(33) සහ ටොම් ලේතම්(30) සමත් වුණා.

නායක කේන් විලියම්සන් ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්.

AP

ඔහු එලෙස ලකුණු නොලබා ටෙස්ට් තරගයකදී දැවී ගියේ 8 වැනි වරටයි.

පන්දු යැවීමේ දී අකිල ධනංජය කඩුලු 5ක් බිද හෙලුවා.

AP

තරගය ගාල්ලේ දී පැවැත්වෙනවා.

තරගයේ ලකුණු සටහන මෙතනින්

කණ්ඩායම් දෙක –

New Zealand XI:

J Raval, T Latham, K Williamson, R Taylor, H Nicholls, BJ Watling, M Santner, T Southee, W Somerville, A Patel, T Boult

Sri Lanka XI:

D Karunaratne, L Thirimanne, N Dickwella, A Mathews, BKG Mendis, MDKJ Perera, D de Silva, A Dananjaya, L Embuldeniya, L Kumara, S Lakmal


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top