ශ්‍රී ලංකාව පරදා ඔස්ට්‍රේලියාවට පූර්ණ තරගාවලි ජයක්

0 12

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මෙල්බර්න් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 142ක් ලබා ගත්තා.

කුසල් ජනිත් ලකුණු 57ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 20ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් , කේන් රිචර්ඩ්සන් සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 17.4 ක් අවසානයේ දී යි.

මෙම තරගාවලියේ දී අඛණ්ඩව තෙවැනි වරටත් ලකුණු 50 සීමාව පසු කර ගිය ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 57යි.

ඔහුව මෙම තරගාවලියේ කිසිදු තරගයක දී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි වීම විශේෂත්වයක්. 

 

You might also like

Leave A Reply

Your email address will not be published.