NEWS

ක්‍රිකට් ආයතනය දික්වැල්ලට සහ තිසරට සී.පී.එල් අහිමි කරයි

කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනෙකු පාකිස්තාන තරග සංචාරයට එක් නොවීමට තීරණය කිරීමෙන් පසුවයි.

ඊට අමතරව මේ වන විටත් සී.පී.එල් තරගාවලියට එක්ව සිටින තිසර පෙරේරාට ද යළි දිවයිනට පැමිණෙන ලෙස දන්වා ඇති බව සදහන්.

තරග සංචාරයක් පවතින අවස්ථාවක වෙනත් රටක ලීග් තරගාවලියන්ට ක්‍රීඩා කිරීම සදහා ක්‍රීඩකයින්ට අවසර ලබා නොදීම ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපත්තිය බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා විදෙස් ක්‍රිකට් වෙබ් අඩවියක් වෙත සදහන් කර ඇත්තේ.

ඒ අනුව නිරෝෂන් දික්වැල්ලට ඉදිරියේ දී කණ්ඩායම සමග පුහුණුවීම් සිදු කිරීමට සිදුවන බවත්, තිසර පෙරේරාට ද ලබන 15 වනදා වන විට යළි දිවයිනට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බවත් ඔහු කියා සිටියා.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top