ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන්නාට ඉදිරි තරග වාරය අහිමි වෙයි

0 45

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජේසන් බෙහ්රෙන්ඩොර්ෆ් (Jason Behrendorff) ඉදිරියේ දී පිටකොන්දේ ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ හේතුවෙන් ඔහුට ඉදිරි තරග වාරය අහිමි වන බවයි වාර්තා වන්නේ.

ශල්‍යකර්මයට මුහුණ දීම සදහා ජේසන් බෙහ්රෙන්ඩොර්ෆ් ලබන සතියේ දී නවසීලන්තය වෙත පිටත්ව යාමට නියමිත බව සදහන්.

මෙම ශල්‍යකර්මයට මීට පෙර ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ජේම්ස් පැටින්සන් ද මුහුණ දී තිබුණා.

මම මේ සැත්කම ගැන සුබවාදීව හිතනවා. මේ සැත්කම කරපු ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත ක්‍රීඩකයින් රැසක් සමග මම සාකච්ඡා කළා. ඒ හැම කෙනෙක්ම ගොඩක් සෑහීමකට පත්වෙනව මෙහි ප්‍රතිපල ගැන

– ජේසන් බෙහ්රෙන්ඩොර්ෆ්

ජේසන් බෙහ්රෙන්ඩොර්ෆ් නිමා වූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත්වුණා.

You might also like

Leave A Reply

Your email address will not be published.