“ඒ ගැන අහන්න එපා ජනවාරි වෙනකං” – දෝනි

0 123

තම අනාගත ක්‍රිකට් දිවිය සම්බන්ධයෙන් එළඹෙන ජනවාරි මාසය වන තෙක් කිසිවක් නොවිමසන ලෙස ඉන්දීය සුපිරි පිතිකරු මහේන්ද්‍ර සිං දෝනි පවසනවා.

ඒ, මුම්බායි නුවර පැවැති වැඩසටහනකදී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

කෙසේ වෙතත්, ජනවාරි මාසයේ දී සිදු වන්නේ කුමක් ද යන්න පිළිබද දෝනි මෙහිදී කරුණු පැහැදිලි කර නැහැ.

නිමා වූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඔහු තවමත් ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර නොමැති අතර, ඔහු අනාගත ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් ලෝක කුසලානයෙන් පසුව අදහස් පල කළ පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

You might also like

Leave A Reply

Your email address will not be published.