“ඒක අපිට ධනාත්මක සහ ලොකු වාසියක්” – දිමුත්

0 219

පාකිස්තාන කණ්ඩායමේ හිටපු පුහුණුකරු මිකී ආතර් මේ වන විට තම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වීම ශ්‍රී ලංකාවට වාසි සහගත මෙන්ම ධනාත්මක කරුණක් බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

හෙට(11) රාවල්පින්ඩිහී දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කියා සිටියා.

මිකී පාකිස්තාන කණ්ඩායමට ගොඩක් සමීපව කටයුතු කළා පසුගිය වර තුනක කාලය. හැම ක්‍රීඩකයෙකු ගැනම ඔහු හොදින් දන්නවා. පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන් ගැනත් ඔහු හොදින් දන්නවා. තරගයට පාකිස්තාන කණ්ඩායම සූදානම් වන්නේ කොහොමද කියන කාරණාවත් ඔහු දන්නවා. නමුත් අපි සියල්ල නිවැරැදිව කළ යුතුයි.

රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ දී පමණක් නොව පාකිස්තානයේ දී ද බොහෝ ක්‍රීඩකයින් ක්‍රීඩාකරන්නේ පළමු වරට බවත්, එය ඉතා අභියෝගාත්මක බවත්, දිමුත් මෙහිදී කියා සිටියා.

ඒක වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක්. අපි ළග සැලසුම් තියෙනවා සෑම ක්‍රීඩකයෙකුටම එරෙහිව.අපි මූලික දේවල් හරියට කරන්න උත්හාස කරනවා. තණතීරුවේ ස්වභාවයෙනුත් උපරිම ප්‍රයෝජන ගනිමින් නිවැරැදි දේ නිවැරැදි අවස්ථාවේ දී කළ යුතුයි.

පාකිස්තානයේ දී තමා තරගයක් ක්‍රීඩා කරන්නේ පළමු වරට නමුත් තමා ඒ සදහා උනන්දුවෙන් පසුවන බවයි දිමුත් කරුණාරත්න සදහන් කළේ.

පාකිස්තානයේ දී ටෙස්ට් තරගයක් අපි ක්‍රීඩා කරන්නේ වසර දහයකට පසුවයි. එහි කොටස්කරුවෙකු වෙන්න ලැබීම සතුටට කරුණක්.

You might also like

Leave A Reply

Your email address will not be published.