එමීර් නායකයා ඇතුළු තිදෙනෙකුට තරග පාවාදීමේ චෝදනා මත තරග තහනමක්

0 45

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිඩකයින් තිදෙනෙකු සදහා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දූෂණ චෝදනා ගොණු කර තිබෙනවා.

එම ක්‍රීඩකයින් අතර, නායක මොහොමඩ් නඩීඩ් ද වීම විශේෂත්වයක්.

එම ක්‍රීඩකයින්ට අමතරව Mehardeep Chhayakar නම් අයෙකුට එරෙහිව ද දූෂණ චෝදනා ගොණු කිරීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන ඇත්තේ.

අදාළ ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව තාවකාලික තරග තහනමක් ද පනවා තිබෙනවා.

නායකයාට අමතරව තරග තහනමක් පනවා ඇති සෙසු ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ Qadeer Ahmed Khan සහ Shaiman Anwar Butt.

ඔවුන්ට එරෙහිව අයි.සී.සී දූෂන මර්දන පනතේ වගන්ති 13ක් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වන අතර, ඒ සදහා පිළිතුරු ලබා දීමට දින 14ක කාලයක් ද ලබා දී ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නිවේදනයක දැක් වුණේ.

ලබන සිකුරාදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ම ආරම්භ වන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ දී තරග පාවාදීම සදහා සූදානම් වීම ඔවුන්ට එරෙහි ප්‍රධානතම චෝදනාව වන බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේ දී මොහොමඩ් නඩීඩ් එරට නායකත්වයෙන් සහ සංචිතයෙන් ඉවත් කිරීමටත්, නව නායකයා ලෙස අහ්මඩ් රාසා පත් කිරීමටත් එරට ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී එම තීරණයට හේතුවක් අණාවරණය කර තිබුණේ නැහැ.

You might also like

Leave A Reply

Your email address will not be published.