NEWS

එම්.සී.සී ලෝක ක්‍රිකට් කමිටුවේ දී ශ්‍රී ලංකාව ගැනත් අවධානය – මීළග රැස්වීමත් මෙරටදී

මෙවර එම්.සී.සී(මාරිලිබෝන්) ලෝක ක්‍රිකට් කමිටු රැස්වීමේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබූ බව වාර්තා වනවා.

ඒ, පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ක්‍රිකට් ක්‍රීඩාව සදහා මෙරට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන්.

කමිටු සාමාජික සහ ඉදිරියේ දී සභාපතිධූරය දැරීමට නියමිත කුමාර් සංගක්කාර මෙහිදී සදහන් කර ඇත්තේ එංගලන්ත කණ්ඩායමේ ඉදිරි ශ්‍රී ලංකා තරග සංචාරය (2020 වසරේ මාර්තු) බාධාවකින් තොරව පැවැත්වෙනු ඇති බවයි.

“ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු යළි ගොඩ නැගෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවල ක්‍රිකට් ක්‍රීඩාවට සහය දැක්වීම අතිශය වැදගත්. ක්‍රිකට් ක්‍රීඩාවට බලය තියෙනවා රටක් එක්සත් කරන්න. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ප්‍රේක්ෂකයින්ට සැමරීම සදහා ලොකු අවස්ථාවක් වේවි.” යනුවෙන් සංගක්කාර සදහන් කළා.

ශ්‍රී ලංකාව සංචාරය සදහා හොදම රටක් බවත්, ලොව ක්‍රිකට් ගමනාන්තවලින් විශිෂ්ඨතම රටක් බවත් සංගක්කාර මෙහිදී අවධාරණය කර තිබෙනවා.

බංග්ලාදේශය, පාකිස්තානය සහ නවසීලන්තය වැනි රටවල් මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව ද  කුමාර් සංගක්කාර මෙහිදී සිහිපත් කළා.

මේ අතර, එම්.සී.සී(මාරිලිබෝන්) ලෝක ක්‍රිකට් කමිටුවේ මීළග රැස්වීම ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම කෙරෙහි ද මේ වන විට අවධානය යොමුව ඇති බවයි එම කමිටුව සදහන් කළේ.

ALSO READ : 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් එක්වන ලකුණු – එම්.සී.සී රැස්වීමේ දී හෙළිවෙයි

එම්.සී.සී(මාරිලිබෝන්) ලෝක ක්‍රිකට් කමිටුවේ සාමාජිකයින් –

Mike Gatting (Chairman), John Stephenson (MCC Head of Cricket). Shakib Al Hasan, Suzie Bates, Kumar Dharmasena, Sourav Ganguly, Tim May, Brendon McCullum, Ricky Ponting, Ramiz Raja, Kumar Sangakkara, Vince van der Bijl and Shane Warne.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top