NEWS

එංගලන්තය තවත් අර්බුදයක – ස්ටෝන් සති දෙකක් ඉවතට

sky sports

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඔලී ස්ටෝන් පිට කොන්දේ ආබාධයකට ලක්ව තිබෙනවා.

පුහුණුවීම් අතරතුර දී ඔහු මෙම ආබාධයට ගොදුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුට සති දෙකක පමණ කාලයක් විවේක ගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බව සදහන්.

පළමු අලුබදුන ටෙස්ට් තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ආබාධයකට ලක් වීම හේතුවෙන් දෙවන ටෙස්ට් තරගය  ඔහුට අහිමි වන බව ප්‍රකාශ වී දිනකට පසුව මෙය සිදු වීම හේතුවෙන් එංගලන්තයට දෙවන ටෙස්ට් තරගයේ දී දැඩි බලපෑමක් එල්ල වනු ඇති.

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 14 වනදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top