NEWS

ඉන්දියාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට බලපෑම් නැහැ – ක්‍රීඩා ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සදහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පල වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැමුන් මෙම සංචාරයට එක් නොවන බවයි.

ඔවුන්ගේ තීරණයට ගරු කරමින් පාකිස්තාන තරග සංචාරයට එක්වීමට කැමති ක්‍රීඩකයින්ගෙන් යුත් සංචිතයක් මේ වන විට සකස් කර ඇති බව ද ක්‍රීඩා ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළා.

ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් සංචිතයක් සිටින බවත්, පාකිස්තානයේ දී පාකිස්තානය පරාජයට පත් කිරීමට අපේක්ෂා කරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සදහන් කර සිටියා.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top