ඉන්දියාවට එරෙහි 20යි 20 තරගාවලියට නවසීලන්ත සංචිතය නම් කෙරේ

0 315

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග පහකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා 32 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක හමීෂ් බෙනෙට් නම් කර ඇති අතර, ඒ අනුව ඔහු බොහෝ විට ඉන්දියාවට එරෙහි තරගාවලියේ දී 20යි 20 ජාත්‍යන්තර වරම් හිමි කර ගනු ඇති.

මීට පෙර හමීෂ් බෙනෙට් නවසීලන්තය වෙනුවෙන් එක්දින තරග 16ක් ක්‍රීඩා කර ඇති නමුත්, ඔහු වසර 3කින් පමණ නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කර නැහැ.

එක්දින තරග 16 තුළ දී ඔහු බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 27ක්.

සංචිතයට කැදවා ඇති ටොම් බෘස් සිව්වන හා පස්වන 20යි 20 තරග සදහා පමණක් නම් කර තිබෙනවා.

කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් නම් කර ඇත්තේ පළමු තරග 3 සදහා පමණයි.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 24 වනදා ඔක්ලන්ඩ්හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

New Zealand T20I Squad:

  • Kane Williamson (c), Hamish Bennett, Martin Guptill, Scott Kuggeleijn, Daryl Mitchell, Colin Munro, Mitchell Santner, Tim Seifert, Ish Sodhi, Tim Southee, Ross Taylor, Blair Tickner, Tom Bruce (matches 4-5) Colin de Grandhomme (matches 1-3)

ALSO READ : රෝහිට්, ශාමි නවසීලන්තයට එරෙහිව කැදවයි

 

You might also like

Leave A Reply

Your email address will not be published.