ඇෆ්ඝනිස්තාන නායකත්වයෙන් රෂීඩ් නෙරපයි

0 164

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස යළිත් වරක් හිටපු නායක අස්ගර් ඇෆ්ඝන් පත් කර තිබෙනවා.

ටෙස්ට්, එක්දින සහ 20යි 20 යන අංශ ත්‍රිත්වයේම නායකයා ලෙස ඔහුව පත් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඉහළ කළමණාකාරීත්වයේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ද ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

නිමා වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට මාස දෙකකට පමණ පෙර අස්ගර් ඇෆ්ඝන් නායකත්ව ධූරයෙන් ඉවත් කෙරුණේ බොහෝ පාර්ශවවල විවේචන මධ්‍යයේයි.

රෂීඩ් ඛාන් සහ මොහොමඩ් නබී ද මෙම තීරණය විවේචනය කරමින් අදහස් පල කළා.

කෙසේ වෙතත්, ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් රහ්මට් ශාහ් ටෙස්ට් නායකයා ලෙස ද, ගුල්බදීන් නයිබ් එක්දින නායකයා ලෙස ද, යොවුන් ක්‍රීඩක රෂීඩ් ඛාන් 20යි 20 නායකයා ලෙස ද නම් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

නමුත් ලෝක කුසලාන තරගාවලියේ දී ඇෆ්ඝනිස්තානය සියලු තරග පරාජයට පත් වීමත් සමග රෂීඩ් ඛාන් තරග රටා ත්‍රිත්වයේම නායකයා ලෙස පත් කෙරුණා.

කෙසේ වෙතත්, ඔහුගේ නායකත්වය යටතේ ද ඇෆ්ඝනිස්තානය සැලකිය යුතු දක්ෂතා දැක් වූයේ නැහැ.

ඒ අනුවයි යළිත් වරත් නායකත්වයේ වෙනසක් සිදු කිරීමට පියවර ගෙන ඇත්තේ.

You might also like

Leave A Reply

Your email address will not be published.