ඇන්ඩර්සන්, බෙයාර්ස්ටව් දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් සංචිතයට නම් කෙරේ

0 192

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා.

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

ටෙස්ට් සංචිතය සදහා ජේම්ස් ඇන්ඩර්සන්, ජොනී බෙයාර්ස්ටව් සහ මාර්ක් වුඩ් යළි කැදවා තිබෙනවා.

කෙසේ වෙතත්, නිමා වූ නවසීලන්ත ටෙස්ට් තරගාවලියට නම් කර සිටි Saqib Mahmood මෙම සංචිතයෙන් ඉවත් කර ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 26 වනදා, එනම් බොක්සිං දිනයේ දී සෙන්චූරියන් හී දී ආරම්භ වීමට නියමිතයි.

එංගලන්ත සංචිතය –

ECB
You might also like

Leave A Reply

Your email address will not be published.