NEWS

ආචර්ගේ බවුන්සර් පන්දුවක් වැදී ස්මිත් ක්‍රීඩාංගනයෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියා – එංගලන්ත දෙවන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය වන අද දිනයේ දී ක්‍රීඩාංගනය තුළ දී අනතුරක් සිදු වුණා.

ඒ, මෙවර තරගාවලියේ අඛණ්ඩව තෙවැනි ශතකයත් ලබා ගැනීමේ අරමුණින් පන්දුවට පහරදෙමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් පෙල පිතිකරු ස්ටීවන් ස්මිත්ගේ ගෙල ප්‍රදේශයේ පන්දුවක් වැදීම හේතුවෙන්.

ජොෆ්ර ආචර් විසින් යවනු ලැබූ පැයට කිලෝ මීටර් 148.7 වේගයකනින් යුත් කෙටි පන්දුවක් ස්මිත්ගේ හිස් ආවරණයෙන් ආවරණය නොවූ පෙදෙසෙක වැදීමෙනුයි මෙම අනතුර සිදු වුණේ.

අනතුරව ඔහුට මූලික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රීඩාංගනය තුළ දී ම ලබාදීමට ඔස්ට්‍රේලියා සහ එංගලන්ත කණ්ඩායම්වල වෛද්‍ය කණ්ඩායම් කටයුතු කළා.

පසුව ස්ටීවන් ස්මිත් පිටියෙන් ඉවත් වීමටයි තීරණය කළේ.

ඔහු පිටියෙන් ඉවත් වන අවස්ථාවේ දී ක්‍රීඩාංගනයේ සියලු ප්‍රේක්ෂකයින් සිය අසුන්වලින් නැගිට ඔහුට ආචාරය පල කර සිටියා.‍

ඒ වන විට ස්මිත් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 80ක්.

කෙසේ වෙතත්, පැයකට ආසන්න කාලයකින් පසුව ස්ටීවන් ස්මිත් යළි පිතිකරණයේ නිරත වීම සදහා පිටියට පිවිසියා.

පන්දුව වැදුණු ආකාරය සහ පිටියෙන් ඔහු ඉවත් වූ ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශන පහතින් –


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top