NEWS

අසාර්ථක වූ ටමිම් කළ යුතු දේ ගැන ශකිබ් පහදයි

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල්ට විවේකයක් ලබා දිය යුතු බව එරට තුන් ඉරියව් ක‍්‍රීඩක ශකිබ් අල් හසාන් පවසනවා.

ඔහු ශ‍්‍රී ලංකා තරග සංචාරයේ දී සහ ලෝක කුසලානයේ දී සැලකිය යුතු දක්ෂතා නොදැක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශකිබ් ඒ බව කියා සිටියා.

ඒ, ඩකා නුවර දී මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

ශකිබ් අල් හසාන් නිමා වූ ශ‍්‍රී ලංකා තරග සංචාරයට එක් නොවූයේ ඔහු විසින්ම විවේක ගත යුතු බවට ගත් තීරණයක් හේතුවෙන්.

ඔහු පෙන්වා දෙන්නේ ක‍්‍රීඩකයින්ට විවේක කාල සීමාවක් ලබා ගැනීම දක්ෂතා දැක්වීම සදහා අත්‍යවශ්‍ය බවයි.

ටමිම් ඉක්බාල් නිමා වූ ශ‍්‍රී ලංකා එක්දින තරගාවලියේ ඉනිම් තුනේ දී ලබා ගත්තේ ලකුණු 21ක් පමණයි.

ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු වාර්තා කළේ එක් අර්ධ ශතකයක් පමණයි.

ඒ අනුව ශකිබ් අල් හසාන් පෙන්වා දෙන්නේ ඔහුට විවේකයක් ලබා දීම තුළින් යළි සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට හැකි වනු ඇති බවයි.

ක‍්‍රීඩකයින්ට විවේකයන් ලබා දීමේ ක‍්‍රමවේදයක් පිළිබද බළධාරීන් ද අවධානය යොමු කළ යුතු බව ඔහු සදහන් කළා.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top