අසභ්‍ය වචන නිසා බෙයාර්ස්ටව්ට අයි.සී.සීයෙන් දඩුවම්

0 17

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටව්ට එරෙහිව එක් දඩුවම් ලකුණක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, නවසීලන්තය සමග ඊයේ(10) පැවැති පස්වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන්.

එංගලන්ත ඉනිමේ 7 වන පන්දුවායේ දී ඔහු දැවී යාමෙන් අනතුරුව අසභ්‍ය වචනයෙන් සිය අවේගය පිට කරන අයුරු කඩුල්ලේ රදවා තිබූ මයික්‍රෆෝනයට හසුව තිබුණා.

එය රූපවාහිනිය ඔස්සේ ද ශ්‍රවණය වූ අතර, ජොනී බෙයාර්ස්ටව් විසින් සිය වරද පිළිගෙන ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

අදාළ වරද තුළින් ඔහු අයි.සී.සී විනය සංග්‍රහයේ 2.3 වගන්තිය උල්ලංඝනය කර ඇති බවත්, එය පළමු ඛාණ්ඩයේ වරදක් ලෙස සටහන් වන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නිවේදනයක සදහන්.

You might also like

Leave A Reply

Your email address will not be published.