අශාන්ගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ බංග්ලාදේශයට දරුණු පරාජයක්

0 13

සංචාරක බංග්ලාදේශ “ඒ” කණ්ඩායම සහ ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 33.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 116ක් පමණයි.

සයිෆ් හසාන් ලකුණු 32යි.

පන්දු යැවීමේ දී අශාන් ප්‍රියන්ජන් කඩුලු 4ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 25.5ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක අශාන් ප්‍රියන්ජන් නොදැවී ලකුණු 50යි.

You might also like

Leave A Reply

Your email address will not be published.