“අවුරුදු 10ක් මම බලාගෙන හිටියා – නොයෙකුත් දේවල් මට කීවා.” – භානුක

0 418

ලොව අංක එකේ 20යි 20 කණ්ඩායම පරාජයට පත් කිරීමට හැකි වීම සම්බන්ධයෙන් කණ්ඩායමක් ලෙස මෙන්ම රාජ්‍යක් ලෙස ද ශ්‍රී ලංකාවට සතුටට පත් විය හැකි බව ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ මුල් පෙල පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා.

පාකිස්තානයට එරෙහි දෙවන පන්දුවාර 20යි 20 තරගය ජය ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.

ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වසර 10ක පමණ කාලයක් බලා සිටීමට සිදු වුවද තමාට නිසි අවස්ථාවේ දී එම අවස්ථාව ලැබුණු බවට තමා විශ්වාස කරන බවයි භානුක රාජපක්ෂ කියා සිටියේ.

දෙවන පෙල කණ්ඩායමක් විදිහට තමයි ජාත්‍යන්තරයත් අපිට පැවසුවෙ. මං හිතනව අපි කණ්ඩායමටත් ලංකාවටත් ගෞරවයක් වෙන විදිහට දෙකට බින්දුවක් ලෙස ජයග්‍රහනය කරල තියෙනව දැනට. තෙවැනි තරගයත් අපි කොහොම හරි දිනන්න බලාපොරොත්තුවෙනවා.

නවක කණ්ඩායමක් බැවින් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ දී පීඩනයක් නොතිබූ බවත්, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති වෙනස එය බවත් භානුක රාජපක්ෂ මෙම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නා.

මට ඕනෙ වෙලා තිබුණෙ පුලුවන් තරම් වැඩි වෙලාවක් බැට් කරන්න. නවකයෙක් වශයෙන් ලේසි නෑ එක පාර ගහන්න. පළමුවැනි තරගයේ පළමු පන්දු දෙක තුන ගහද්දී මම පොඩ්ඩක් පීඩනයක හිටියා. හැබැයි පස්සෙ ලකුණු ගහන්න පටන් ගද්දි ලේසි වුණා. කාලයක් තිබ්බ මට ඇතුළට එන්න අමාරුවෙන් හිටිය. නොයෙකුත් දේවල් මට කීවා. මම පෞද්ගලිකව කිසි දෙයක් ගත්තේ නැහැ. මම පුලුවන් තරම් දෙවියන් කෙරෙහි විශ්වාසය තියල මට අවස්ථාව ලැබෙනකං අවුරුදු 10ක් තිස්සේ බලං හිටියා. අවස්ථාව ලැබුණට පස්සේ උපරිම ප්‍රයෝජන ගත්ත කියල මං හිතනවා.

මාධ්‍ය හමුවේ දර්ශන පහතින් – (දර්ශන මූලාශ්‍රය – PCB)

You might also like

Leave A Reply

Your email address will not be published.