NEWS

ධර්මසේනගේ තීන්දුවත් සමග ඕස්ට්‍රේලියාව අලුබදුන ශූරතාවය රැක ගනියි

cricket.com.au

අලුබදුන ටෙස්ට් ශූරතාවය යළි තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ, එංගලන්තය සමග පැවැති සිව්වන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 185ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මැන්චෙස්ටර් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 383ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට දෙවන ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 197ක් පමණයි.

ජෝ ඩෙන්ලි ලකුණු 53යි.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් කඩුලු 4ක් බිද හෙලුවා.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ක්‍රෙයිග් ඕවර්ටන් ලකුණු 21කට කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය පිතිකරුවෙකු ලෙස විනිසුරු කුමාර් ධර්මසේන තීන්දු කළ අතර, එය විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ පිතිකරු විසින් අභියෝගයට ලක් කළ ද තෙවැනි විනිසුරු වූ රුචිර පල්ලියගුරුගේ එය දැවීයාමක් බව යළි තහවුරු කළා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු ඉනිම ස්ටීව් ස්මිත්ගේ ද්විත්ව ශතකයෙන් සවිමත් වූ‍යේ කඩුලු 8කට ලකුණු 497ක් ලෙසයි.

පිළිතුරු ලෙස එංගලන්තයට සිය පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 301ක් පමණයි.

අනතුරුව ඔස්ට්‍රේලියාව සිය දෙවන ඉනිම ද අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 6ක් දැවී ලකුණු 186ක් ලබා සිටියදීයි.

එම ඉනිම ද ස්ටීව් ස්මිත් ලබා ගත් ලකුණු 82කින් සවිමත් වුණා.

ඒ අනුව ඔහු තරගයේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

පසුගිය අලුබදුන ටෙස්ට් ශූරතාවලිය ද ජය ගැනීමට සමත් වුණේ ඔස්ට්‍ර්ලියානු කණ්ඩායමයි.(4-0)

ඒ අනුව යළිත් වරක් එම ශූරතාවය තමන් සන්තකයේම තබා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණේ මෙවර තරගාවලිය මේ වන විට තරග 2-1 ලෙස පෙරමුණ ගැනීමත් සමගයි.

පස්වන තරගය එංගලන්තය ජය ලැබුවද එංගලන්තයට මෙවර තරගාවලිය ජය ගැනීමට හැකි වන්නේ නැහැ.

තරගයේ ලකුණු සටහන මෙතනින්

Getty Images


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top