අමෙරිකාවේත් 20යි 20 ලීගයක්

0 136

අමෙරිකාව තුළ ද පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලීග් තරගාලියක් සංවිධාන කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අමෙරිකානු ක්‍රිකට් ආයතනයේ නව ප්‍රධාන විධායක නිළධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කැලිෆෝනියාවේ දී රැස් වූ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී යි.

ඒ අනුව ලබන වසරේ දී එරට නගර පදනම් කර ගත් 20යි 20 ලීග් තරගාවලියක් පැවැත්වීමට මෙහිදී එකගතාවය පලව ඇති බව සදහන්.

තරගාවලිය දේශීය ක්‍රීඩකයින්ගෙන් සහභාගීත්වයෙන් ලබන වසරේ දී පැවැත්වීමට තීරණය වී ඇති බවත්, එය 2021 වසරේ සිට විදෙස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදනු ඇති බවත් වාර්තා වනවා.

20යි 20 ලීග් තරගාවලිය සදහා New York, Los Angeles, San Francisco, Atlanta, Dallas සහ Chicago යන නගර පදනම් කර ගත් කණ්ඩායම් 6ක් එක් වීමට නියමිතයි.

You might also like

Leave A Reply

Your email address will not be published.