“අපි සම්පූර්ණයෙන්ම අසමත්” – මිස්බා

0 986

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 තරග දෙකේදීම පාකිස්තාන ක්‍රීඩකයින් සිය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී සම්පූර්ණයෙන්ම අසමත් වූ බව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පාකිස්තාන කණ්ඩායම සෑම අංශයකින් ම අඩුපාඩු පෙන්නුම් කළ බවයි.

පන්දු යැවීම, පිතිකරණය, මෙන්ම විශේෂයෙන් දග පන්දු යවන්නන්ට එරෙහිව පිතිකරුවන් දැවී ගිය ආකාරය සහ අවසන් පන්දුවාර යැවූ ආකාරයෙහි දුර්වලතා රැසක් පැවැති පැවැති බව මිස්බා උල් හක්ගේ අදහසයි.

පරාජයන් හොද දෙයක් නෙවෙයි. විශේෂයෙන් ප්‍රධාන ක්‍රීඩකයින් නොමැති කණ්ඩායමකට එරෙහිව පරාජය වීම කොහොමත් හොද දෙයක් නෙවේ.

යනුවෙන් මිස්බා සදහන් කළා.

කණ්ඩායම් දෙක අතරේ පැහැදිලිවම වෙනස්කම් තිබුණා. අත්දැකීම් අවම කණ්ඩායමක් වුණත්, ඔවුන් සියල්ල හරියට කළා. ඒ අතරේ අපි අපේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී සම්පූර්ණයෙන්ම අසමත් වුණා.

යම් සැලකිය යුතු කාලයකට පසුව මෙවර තරගාවලියකට කැදවූ උමාර් අක්මාල් සහ අහ්මඩ් ෂෙසාඩ් අසාර්ථක වීම සම්බන්ධයෙන් ඔහු දැක් වූයේ මෙවන් අදහසක්.

ඔවුන් දෙදෙනාම පසුගිය වසරක කාලය තුළ ක්‍රීඩා කළ තරගවලදී හොදින් දස්කම් දක්වා තිබෙනවා. පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී අහ්මඩ් දැක් වූ දක්ෂතා ඉතා විශිෂ්ඨයි ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගන්න තරම්. ඒ වගේම උමාර් සෑම තරග රටවකින්ම දස්කම් දක්වා තිබුණා. 20යි 20 තරගවලදී ඔවුන් දෙදෙනාට වඩා හොදින් ක්‍රීඩා කළ වෙනත් පිතිකරුවන් නොමැතිවීම අවාසනාවක්.

You might also like

Leave A Reply

Your email address will not be published.