NEWS

“අපි අසාර්ථකයි කියල පිළිගන්න වෙනව” – සාකාර්

ශ‍්‍රී ලංකාව සමග පැවැති එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දී සිය කණ්ඩායම දුර්වල ක‍්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ බවට පිළිගැනීමට සිදු වන බව බංග්ලාදේශ මුල් පෙළ පිතිකරු සෞම්‍ය සාකාර් පවසනවා.

ශ‍්‍රී ලංකාවට එරෙහි තෙවන එක්දින ක‍්‍රිකට් තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

තරගාවලිය තරග 0-3ක් ලෙස පරාජය වීම හේතුවෙන් සියලු දෙනා දැඩි කණගාටුවට පත්ව සිටින බවයි සාකාර් සදහන් කළේ.

පළමු තරග දෙක පරාජය වීමෙන් පසුව තෙවැනි තරගයේ දී ඉතා හොද ක‍්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට සැලසුම් කළ නමුත් තෙවැනි තරගය ද යළි පරාජයට පත් වූ බව ඔහු පෙන්වා දෙනවා.

වඩාත් වැදගත් දෙයනම් ශ‍්‍රී ලංකාව වසර 4කට පසු තරගාවලියක් ජය ගැනීම බවත්, ඔවුන් විශිෂ්ඨ ලෙස ක‍්‍රීඩා කිරීම ඊට හේතුව බවත් සෞම්‍ය සාකාර් අවධාරණය කර සිටියා.

එමෙන්ම ඔහු කියා සිටියේ පුහුණුවීම්වලදී මෙන්ම ආරක්ෂක තත්ත්වය හේතුවෙන් හෝටල් කාමරවල රැදී සිටි කාලය තුළ දී පවා සියලු ක‍්‍රීඩකයින් තරගකාරී ක‍්‍රීඩා විලාශයකට පැමිණෙන්නේ කෙසේ දැයි දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top