අද තරගය ජය ගැනීමේ වැදගත්කම ඔබ දන්නවාද?

0 158

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(9) පැවැත්වෙනවා.

තරගය ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු තරග දෙක ජයගත් ශ්‍රී ලංකාව මේ වන විටත් තරගාවලිය ජය ගෙන ඇති බැවින් තරගාවලි ජය පූර්ණ තරගාවලි ජයක් බවට පත් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසෙනවා.

පන්දුවාර 20යි 20 තරග ඉතිහාසයේ දී ශ්‍රී ලකාව මෙතෙක් කිසිදු තරගාවලියක් තරග 3-0ක් ලෙස ජය ගෙන නැහැ.

එමෙන්ම පාකිස්තානය ද 20යි 20 ඉතිහාසයේ දී තරග 0-3ක් ලෙස කිසිදු තරගාවලියක් මෙතෙක් පරාජයට පත්ව නොතිබීම විශේෂත්වයක්.

ඒ අනුව නවක කණ්ඩායමක් වන ශ්‍රී ලංකාව හමුවේ එවැනි ඓතිහාසික තරගාවලි පරාජයක් ලැබීමේ අවමානයෙන් ගැලවීමේ අරමුණින් පාකිස්තානය අද තරග බිමට පිවිසෙනු ඇති.

අද තරගයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනකස්කමක් සිදු නොවනු ඇති බවට වාර්තා වන අතර, පාකිස්තාන කණ්ඩායමේ යම් වෙනස්කම් කිහිපයක් සිදු විය හැකි බව සදහන්.

You might also like

Leave A Reply

Your email address will not be published.