NEW ZEALAND TOUR OF SRI LANKA

අංක සහ නම සහිතව ශ්‍රී ලංකාව හෙට ටෙස්ට් පිටියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හෙට(14) නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා අංක සහ නම සහිත ඇදුමෙන් සැරසී ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

පසුගියදා ආරම්භ වූ අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දීයි මෙය පළමු වරට ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී දැක ගැනීමට ප්‍රේක්ෂකයින්ට හැකි වූයේ.

මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලිය වසර දෙකක කාලයක් සදහා ආරම්භ වී ඇති අතර, ඒ යටතේ ටෙස්ට් පිටියේ සිදු වූ එක් වෙනස්කමක් ලෙස මෙය සිදුව තිබෙනවා.

ඒ අනුව හෙට ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයේ දී ද දෙරටේ ක්‍රීඩකයින් සිය නම සහ අංකය සහිත ඇදුමෙන් සැරසී ක්‍රීඩා කරනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නව ඇදුමෙන් සැරසී ගත් ඡායාරූප කිහිපයක් පහතින් –


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top