රාජස්ථාන් පිතිකරු රහානේ දිල්ලියට අලෙවි කෙරේ

0 5

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු අජින්කෙයා රහානේ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙත අලෙවි කර තිබෙනවා.

ඒ, එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග වාරය අරමුණු කර ගනිමින්.

රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා වන්නේ අජින්කෙයා රහානේ.

ඔහු එම කණ්ඩායම වෙනුවනේ ක්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව 106ක්.

ඔහු 2011 වසරේ සිට රාජස්ථාන් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර, 2016 හා 2017 වසරවලදී පමණක් එම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වසර දෙකක තහනමකට ලක් වීම හේතුවෙන්.

දිල්ලි කණ්ඩායම සහ රාජස්ථාන් කණ්ඩායම අතර සිදු වූ මෙම ගණුදෙණුවේ කොටසක් ලෙස දිල්ලි කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන  Mayank Markande සහ Rahul Tewatia එළඹෙන තරග වාරයේ දී රාජස්ථාන් කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති.

මීට පෙර නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙත අලෙවි කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ද පියවර ගත්තා.

එමෙන්ම කිංග්ස් එලවන් පන්ජාබ් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අන්කිට් රාජ්පූත් ද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙත අලෙවි කර ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ නිවේදනය කළේ.

පසුගිය තරගවාර කිහිපයේ දී කිංග්ස් එලවන් පන්ජාබ් කණ්ඩායමේ නායකත්වය දැරූ රවිචන්ද්‍රන් අශ්වින් ලබන වසරේ සිට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරන බව ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කළා.

You might also like

Leave A Reply

Your email address will not be published.