මුම්බාය මාලිංග රදවා ගනියි

0 15

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මාලිංග ඇතුළු තවත් ක්‍රීඩකයින් 18 දෙනෙකු මුම්බායි කණ්ඩායම විසින් ඉදිර තරග වාරය සදහා ද සංචිතයේ රදවා ගැනීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අතර, වෙනත් කණ්ඩායම්වලින් මිලදී ගත් ක්‍රීඩකයින් තිදෙනෙකු ද වනවා.

කෙසේ වෙතත්, තවත් ක්‍රීඩකයින් 12 දෙනෙකු මුදා හැරීමට ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

මේ අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ක්‍රීඩකයින් 6 දෙනෙකු මුදා හැරීමට තීරණය කර ඇති බව සදහන්.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ක්‍රීඩකයින් 12 දෙනෙකු ද, රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට් රයිඩර් යන කණ්ඩායම් ක්‍රීඩකයින් 11 දෙනා බැගින්ද, මුදා හැර තිබෙනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් මුදා හැර ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක් වන අතර, කිංග්ස් එලවන් පන්ජාබ් කණ්ඩායම විසින් ක්‍රීඩකයින් 7 දෙනෙකු ද, සන්රයිසස් හයිදරාබාද් කණ්ඩාම විසින් 5 දෙනෙකු ද මුදා හැරීමටයි පියවර ගෙන ඇත්තේ.

ලබන වසර සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ වෙන්දේසිය ලබන මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

You might also like

Leave A Reply

Your email address will not be published.