බෝල්ට් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අලෙවි කෙරේ

0 12

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙත අලෙවි කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම කිංග්ස් එලවන් පන්ජාබ් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අන්කිට් රාජ්පූත් ද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙත අලෙවි කර ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

2018 තරග වාරය සදහා දිල්ලි කණ්ඩායම විසින් ට්‍රෙන්ට් බෝල්ට් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 2.20ක මුදලකටයි.

එහිදී ඔහු තරග 14කදී කඩුලු 18ක් බිද හෙලීමට සමත් වුණා.

කෙසේ වෙතත්, 2019 වසරේ දී ඔහුගේ දක්ෂතා ඉතා ඉහළ මට්ටමක පැවතියේ නැහැ.

මේ අතර, පසුගිය තරගවාර කිහිපයේ දී කිංග්ස් එලවන් පන්ජාබ් කණ්ඩායමේ නායකත්වය දැරූ රවිචන්ද්‍රන් අශ්වින් ලබන වසරේ සිට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරන බව ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කළා.

You might also like

Leave A Reply

Your email address will not be published.