අනුශූරයින් පිළිගැනීමේ උත්සවය කල් ගිය හේතුව මෙන්න

0 12

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පිළිගැනීම සදහා මෙතෙක් නවසීලන්තය තුළ කිසිදු උත්සවයක් සංවිධාන කර නොමැති බව වාර්තා වනවා.

ඒ, නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් එක්වර එරටට නොපැමිණීම හේතුවෙන්.

කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙන වෙනම සිය රට බලා පැමිණෙන බවත්, ඇතැම් ක්‍රීඩකයින් තවත් දින කිහිපයක් එංගලන්තයේ විවේක ගනු ඇති බවත්, සදහන්.

මේ සම්බන්ධයෙන් එරට ක්‍රිකට් බළධාරීන්, ක්‍රීඩා අමාත්‍යවරයා සමග ද සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

අනුශූරතාවය දිනූ නවසීලන්ත කණ්ඩායම පිළිගැනීම සදහා එරට අග්‍රාමාත්‍යවරිය ද  දැඩි උනන්දුවෙන් පසුවනවා.

කෙසේ වෙතත්, ඉදිරි දිනක දී නවසීලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පැමිණීමෙන් පසුව විශේෂ උත්සවයක් පවත්වන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා සදහන් කළේ.

නවසීලන්ත කණ්ඩායම ඉදිරියේ දී ශ්‍රී ලංකා තරග සංචාරයක ද නිරත වීමට නියමිතයි.

You might also like

Leave A Reply

Your email address will not be published.