ඉන්දියාවට ඉනිමක හා ලකුණ 130ක ජයක්

0 8

සංචාරක බංග්ලදේශ කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 130ක ජයක් වාර්තා කිරීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා.

ඉන්දෝර්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 150ක් ලබා ගත්තා.

අනතුරුව ඉන්දියාව සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 493ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

මයාන්ක් අගාර්වල් ලකුණු  243යි.

පන්දු යැවීමේ දී Abu Jayed කඩුලු 4ක් බිද හෙලුවා.

අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 213ක් පමණයි.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 64යි.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි කඩුලු 4ක් බිද හෙලීමට සමත් වුණා.

මෙම ජයග්‍රහනයත් සමග විරාට් කෝලිගේ නායකත්වය යටතේ මේ වන විට ඉන්දියාව ඉනිමක තරග ජයග්‍රහන 10ක් වාර්තා කර ඇති අතර, එවැනි දක්ෂතාවයක් දැක් වූ පළමු ඉන්දීය නායකයා ඔහුයි.

මීට පෙර මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේ ඉන්දියාව ඉනිමක තරග ජයග්‍රහන 9ක් වාර්තා කර තිබුණා.

You might also like

Leave A Reply

Your email address will not be published.